Tuesday, April 24, 2018

එන්න මේ සපත්තු දාගන්න

එදවස මගේ මතකයෙන් කිසිදිනෙක ගිලිහී නොයනු ඇත. හැම මලල ක්‍රීඩා තරඟයක් නරඹනවිට එය මගේ මතකයට එන්නේ නිරායාසයෙනි.
Image may contain: one or more people and shoes

ඒ වන විට මට වයස අවුරුදු අටකි. මා ඉගෙනුම ලැබුවේ මුදල් ගෙවා ඉගෙන ගන්නා කුඩා පෞද්ගලික පාසලකයි. බොහෝ දෙනා එයට පල්ලියේ ඉස්කෝලේ යයි කියනු මා අසා ඇත. මා බෞද්ධද ක්‍රිස්තියානිද යන්න ඔබට පැවසීමට නොයමි. මන්දයත් එය තවත් සංකීර්ණ කතාවක් වනු බැවිනි.

අප පාසල මිශ්‍ර පාසලකි. මම පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙක් වීමි. දුවන තරඟ වලට අපි කෙතරම් ආසා කලාද නම් විවේක හැම අවස්තාවකම කලේ දුවන එකමය. සමහර වෙලාවට ගැහැණු පිරිමි එකට තරඟයට දුවති. හොඳටම දුවන්නට හැකි උන් සිටියේ අපේ නිවාසයේය. නමුත් එකක් පවසන්නට උවමනාය. මගේ හොඳම යෙහෙලියව පරදන්නට මට නොහැකිය. ඇය මට වඩා වේගවත්‍ ය. එය දැනගත් පසු කිසිවිටෙක මා ඇය සමග තරඟයට නොගියෙමි. කොල්ලන් අතර නම් මට තැනක් තිබුනි.

මේ කෙසේ වෙතත් නිවාසාන්තර ක්‍රීඩා තරඟය ලඟ ලඟම එන බැවින් අපි සියල්ලෝම ඉතා උනන්දුවෙන් ක්‍රීඩා කරමින් පුහුණු වෙමිනි සිටියෙමු. මා සිටි වයස් කාණ්ඩයෙන් මට පලවෙනි ස්තානය ලබාගත නොහැකි බවත් නමුත් පලවෙනි තිදෙනා අතර සිටීමට හැකි බවත් මගේ පුංචි මොළයට තේරුම් ගොස් තිබුනි. ගැහැණු පිරිමි එකම තරඟයක නොදුවන එක ගැන මා තරම් සතුටු වූවකු නැත.

ඉතින් දවස් එකින් එක ගෙවී ක්‍රීඩා උලෙළ පැවැත්වෙන දවස උදාවුනි. එය මට ලොකු දවසකි. හීන මැවූ දවසකි. පෙරදා රැය පහන් වූයේ නින්ද නොමැතිවය. මේ පිලිබඳව මගේ දෙමව්පියන්ට කිසිම උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට තිබුනේ නැත. මට ඇතිවූයේ තරහවකි. මට ලැබෙන තෑගි මම ඔවුනට නොපෙන්වන නොදෙන දැඩි මතයක මම සිටියෙමි. පළවෙනියා වීම නම් සිහිනයකි, මන්ද ඔහු මට වඩා බොහෝ වේගවත් ය. මගේ උපරිම උත්සාහය දෙවැනියා වීමය. මෙසේ සිතුවිලි ගොඩක සැරිසැරූ මට මෝටර් බයිසිකලයක හඬක් ඇසුනි. නිදිමතේ ඇඳේ පෙරලෙමින් සිටි මට ඇසුනේ කවුරුන්හෝ තාත්තා සමග කතා කරන දේය. ක්ෂ්ණයෙන් තාත්තා කාමරයට පැමින මා නැගිට්ටුවේය. මා ඇදෙගෙන ගොස් වහා මා මුහුණ සෝදවා ඇඳුම් ඇන්දුවේ මා නිදිමතේ වැනෙමින් සිටියදීමය.
'පුතේ අද ස්පෝට්ස් මීට් එක. දැන් පටන් අරගෙන ගොඩක් වෙලා. ඔයාගෙ ඉවෙන්ට් එකට තව ටික වෙලාවයි . ඉක්මනට යන්න'
මා ඉද්ද ගැසුවාක්මෙන් සිටියෙමි. කිසිත් සිතාගන්නට නොහැක. වෙනදා සැමටම කලින් පාසල් යන මා අද බොහෝ පරක්කු වී ඇත.

'එන්න මේ සපත්තු දෙක දාගන්න'
එය අලුත්ම සපත්තු ජෝඩුවකි. මට සතුට නිම්හිම් නැත. ඒත් මගේ ඉවෙන්ට් එකට වෙලාවට යන්නට බැරිවේයයි සිතුවිල්ල ආ සැනින් ඒ සතුට එහෙමම නැතිවී ගියේය. ඉක්මනින්ම ලැස්ති වි එලියට ගියපසුව මට දක්නට ලැබුනේ මුහුණ පුරා රැවුල වවාගත් සුදු මිනිසෙකි.
'පුතා ඉක්මනට යමු. ඔයාගෙ ඉවෙන්ට් එකට තව ටික වෙලාවයි. ඉක්මනට නගින්න' ඒ මිනිසා පැවසීය.
මා බයිසිකලයට නැග්ගේ කෙසේදවත් මට මතක නැත. විනාඩි දෙක තුනකින් අපි පාසලට ආවෙමු. මා දුටු විගස අපේ නිවාසයේ ගුරුවරු හා සිස්ට (කන්‍යා සොහොයුරිය) මා වටකරගෙන මගේ ෂර්ට් එක ගලවා බැනියමට කොලයක ලියු නොම්බරයක් ඇමිනුවෝය. ග්ලූකෝස් පැකට්ටුවකින් මගේ අතට ග්ලූකෝස් ලැබුනි.
'පුතා උදේට කාලා නෑ නේද. මේක කාලා මේ කිරි පැකට් එක බොන්න' ගුරුතුමියක් පැවසුවාය.
තරඟය සඳහා මා කැඳවාගෙන යනු ලැබිනි. අනිත් ළමෝ තනියෙන් යන විටදී මා රැගෙන යන්නට බොහෝදෙනා පැමිනියෝය. එක එක දේවල් ඔවුන් මට කියනු ඇසිනි. ඒ මා ධෛර්යමත් කිරීම සඳහාය. කෙසේහෝ තරඟය ආරම්භ වීම්ට වෙඩිල්ල පත්තු විය. මා හැකි වෙර යොදා දිව්වෙමි. මුලදීම හොදටම දුවන ළමයා මා පසුකලේය. තව ටික දුරකදී තවත් දෙදෙනෙක් මා පසු කලෝය. මගේ මනසට ආවේ මා කැඳවාගෙන යන්නට ආ සර්ගේ මුහුණයි. මම වෙර ගතිමි. මාගේ උපරිම ශක්තිය යෙදුවෙමි. මාගේ කකුල් පනනැති වන්නාක්මෙන් දැනෙන්නට විය. මා ධාවන පතයේ ඇද වැටුනි. බොහෝ දෙනෙක් මා පසුකර දිව ගියෝය. කවුරුන්හෝ පැමින මා වඩාගෙන රැගෙන ගිය අයුරු මතකය. මා හැරී බැලුවෙමි......මා ෆිනිශින් ලයින් එක පසුකර ඇත. ඔව් මා තරඟය නිමකර ඇත. 'මම කීවෙනියද' මම ඇසුවෙමි.
'ඔයා දෙවැනියා. හොදට දිව්වනේ..ඇයි වැටුනේ' කවුරුන්හෝ කීවේය.
මට සතුටුය. ඇත්තටම ඒ මා දෙවැනියා වීම නිසා නොව මා වෙනුවෙන් වෙහෙසවු කැපකිරීම් කල සැවොම වෙනුවෙනි. ඔවුන්ගේ බලාපොරොත්තු මා ඉටුකොට ඇත.
මා රැගෙන යාමට මා නිවසටම පැමිනි ගුරුතුමා ගේ නම මා දන්නේ නැත. අදටත් දන්නේ නැත. ඔහුට මා සොයා එන්නේ නැතිව සිටින්නට තිබින. මා නොමැති වූවත් පලමු දෙවන සහ තුන්වන ස්ථාන තුනම අප නිවාසයට ලැබෙන බැවිනි. හොදම ධාවකයන් සිටියේ අප නිවාසයේය. නමුත් ඔහු මා සොයා පැමිනියේය. එය ඔහු, මගේ අනෙක් ගුරුවරු සහ සිස්ට එක්ව කල දෙයක් වන්නට ඇත. ඔවුන් මගේ පුංචි සිහිනය දැන සිටියා වන්නට ඇත. මගේ ඒ සිහින සිහිනයක්ම වන්නට නොදී මගේ පුංචි හිත තුටු කෙරුවෝය.

ඔවුනට ස්තුති කෙරුමට තරම් මට එවෙලේ තේරුමක් නැතිවීම ගැන මම අදටත් ලජ්ජා වෙමි. නමුත් ඔවුනගේ බලාපොරොත්තු ඉටුකලා යන හැඟීම මා සිත තුල තිබින. ශිෂ්‍යත්වය සමත්වී වෙන පාසලකට යන තුරුම මට ඒ රැවුල වවාගත් සුදු මිනිසා ගැන මතකය එතරම් තිබුනේ නැත. අලුත් පාසලේ ඇත්ලටික් ටීම් එකට මා තෝරා ගැනුනි. ඒ පිලිබඳව මා සිටියේ අතිශය ප්‍රීතියකිනි. මා සහභාගීවන පලමු තරඟයට මා සහභාගී වූයේ බලාපොරොත්තු ගොන්නක් සහිතවය. තරඟය පටන් ගන්නා මොහොතේ මට අර රැවුල වවාගත් සුදු මිනිසාගේ රුව ජීවමාන වෙන්නට වූවේය. ඔහු මා පාසලට රැගෙන විත් මා සමග සිනාසුන අයුරු මතකයට නැගුනි. ඔව් ..ඔහුගේ සිනාව මට හොදටම මතකය. මාගේ සිහින සැබෑ කරදීමේ සතුට නොවෙද එහි තිබුනේ....ගුරුවරු සහ සිස්ට මට ග්ලූකෝස් කැවූ හැටි, ශෝට් ඊට්ස් කන්නටදී කිරි පැකට් එක පෙවූ හැටි....මගේ අතින් අල්ලාගෙන රනින් ට්‍රැක් එකට රැගෙන ගිය හැටි...මේ සියල්ලම එක පෙලට මතකයට පැමිනියේය.
වෙඩිල්ලක හඬ ඇසුනි. තරගය ආරම්භ කර ඇත. මා සිටි තැනමය. නමුත් වෙන ක්‍රීඩකයෙකුගේ වැරදි ආරම්භයක් නිසා සියල්ලෝ යලි කැඳවනු ලැබින. මම දැඩි ආයාසයකින් සියල්ල අමතක කර මනස තරඟය වෙත යොමුකිරීමට පෙලඹුනෙමි.
'ඔන් යෝ මාර්ක්....ගෙට් සෙට්....' යලි වෙඩිල්ල පත්තුවිය. මා වේගයෙන් දිව ගියෙමි. යලිත් මට ඒ මුහුණ පෙනෙන්නට විය. මට මා ගැනම කලකිරීමක් ඇතිවූවේය. අඩුම තරමේ ඔවුනට ස්තුතියි යනුවෙන්වත් නොකීම මා සිත දැඩි කම්පනයකට පත්කර තිබුනි. මම දිවීම නැවතුවෙමි. නැවත ඇත්ලටික් ටීම් එකට නොගියෙමි.

රැවුල වවාගත් සුදු මිනිසා සෙව්වෙමි. ඒත් ඔහුව හමුවූයේ නැත. ඉන්පසු කිසිමදාක මා දිව්වේත් නැත.

\මිෂ්කා/

9 comments:

  1. https://mislam.blogspot.com/2006/09/joomla.html?showComment=1623751988601

    ReplyDelete
  2. I'm impressed, to say the least. I've rarely come across a blog that's both educational and entertaining.
    me just say that your performance was flawless
    There are few men and women who are able to speak sensibly about a problem with their heads.
    I couldn't be happier to have discovered myself on this journey.
    There you go.

    high logic fontcreator with crack
    gameloop crack
    myriad pdftomusic pro crack
    cleanmymac x crack

    ReplyDelete

  3. Your presentation is very easy to follow, yet I don't like it.
    I'm sure I'll never be able to solve this issue.
    It appears to me to be extremely complicated and wide-ranging.
    I can't wait to read your next post. I make an effort at this.
    agree!
    icecream pdf candy desktop with crack
    ams software photoworks crack
    microsoft office 2013 crack
    mixcraft pro studio crack

    ReplyDelete
  4. Excellent post! We will be linking to this great post on our site. Keep up the good writing.This is one of the best posts in the world I am very happy to you share this post was very impressive for the people.
    Generation Zero Crack
    easy file renamer crack
    hollow knight crack

    ReplyDelete
  5. CFosSpeed Crack is a community driver, which attaches itself to current Internet connections, This makes a large distinction in case you play online video games and download plenty at an identical computer. It essentially maintains a download or app from hogging all your network.
    Canva Crack is a reliable and easy-to-understand device that assists you with changing a straightforward thought into a stunning plan that you can either show on the web or print furthermore, However, this apparatus gives clients numerous uncommon components that you probably won’t find in some other device.
    Ultimate Unwrap 3D Crack is a strength Windows UV planning instrument for unfurling and opening up 3D models. Advance, It incorporates a simple to-utilize UV, organizes supervisor. Likewise, a standard arrangement of UV planning projections.

    ReplyDelete
  6. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    4K Tokkit Crack
    Fortnite Crack

    ReplyDelete
  7. I guess I am the only one who comes here to share my very own experience guess what? I am using my laptop for almost the past 2 years.

    adina-system crack



    nch-photopad-image-editor Crack



    zemax-opticstudio Crack



    redcrab-calculator-plus Crack



    wondershare-mobiletrans Crack

    ReplyDelete