Tuesday, April 24, 2018

ස්වරූපරාගය සහ Autosexuality


Image result for autosexualityImage result for autosexuality



පහුගිය දවස්වල බුකියට පැමිණි ෆේස් ඇප් උන්මාදය, බොහෝ දෙනෙක් ප්‍රසිද්දියේ බුකිය පුරා හැමෝටම පෙනෙන්නට පෙන්වූවද එසේ නොපෙන්වා හොර රහසේම සතුටුවූ පිරිසක්ද සිටින බව ඔබත් මාත් හොඳාකාරවම දන්නවා ඇත. බොහෝ දෙනෙක් එම රූප අතුරින් වඩා ඇලුම්කලේ තමාගේ රූපය වෙනස් වී විරුද්ධ ලිංගිකව පැමිණි රූපයටයි. එසේනම් අපි නොදන්නා හෝ අපි හොඳින් දන්නා 'නාසිසස්' කෙනෙක් අප තුලද සිටී.
මෙය සියල්ලන්ටම පොදු දෙයක් නොවූවද ඉතා සුලුතරයකට වුවද තිබෙනා තත්වයකි. පුද්ගලයෙක් තමා ගැනම ඇතිකරගන්නා අධික නුරාව ස්වරූපරාගය ලෙස හැඳින්වේ.

Image result for autosexualityමෙයට පදනම වැටෙන්නේ ග්‍රීක ඉතිහාසයෙනි. කිසිදිනක තමාගේ රුව දැක නොතිබුනු නාසිසස් නමැති තරුණයෙක් දිනෙක වනයෙහි සැරිසරන අතරතුර පොකුණකින් මුව සෝදා ගැනීමට යද්දී තමාගේ රුව පොකුණ තුලින් දුටුවේය. ඔහු සිතුවේ ඒ පොකුණ තුල වාසය කරන දෙවඟනක් කියාය. ඔහු ඇය වැලඳ ගැනීමට තැත් කලේය. ඇය දිය රැලි අතර නොපෙනී ගොස් ජලය නිශ්චල වන විට නැවත පැමිනියාය. තරුණයා නැවත ඇය වැළඳගැනීමේ අසාර්තක උත්සාහයක යෙදුනේය. දවස පුරාවට මේ උත්සාහය දැරූ ඔහු පසු දිනයේද පැමිණ ඇයව වැළඳ ගැනීමට උත්සාහ කලේය. මෙසේ දවස් ගනනක් උත්සාහයේ යෙදුන ඔහුගේ දිවිය අවසානයේදී පොකුණටම නතුවිය.

ස්වරූපරාගය යනු එක් ලිංගික තත්වයක්. එය Autosexual හී එක් ප්‍රභේදයක් පමණයි. තමාගේම රූපයට හෝ තමාටම ඇලුම් කරමින් තමා පිළිබඳවම ලිංගික ආශාවක් ඇතිකරගැනීම මේ යටතට වැටෙනවා. බොහෝවිට මෙවැනි පිරිස් තනිව නැත්නම් අන් අයගෙන් මිදී සිටීමට කැමැත්තක් දක්වනවා. නමුත් එසේ නොවන සමාජශීලී අය අතරත් මේ ලිංගික චර්යාව දැකගත හැකියි. ඔබ සමහරවිට වැරදි මතයකට එන්නට පුළුවන් ස්වරූපරාගය ඇත්තන් විශමලිංගික හෝ සමලිංගික චර්යාවන්ට සම්බන්ද නොවේ කියල. නෑ ස්වරූපරාගය තිබුන පලියට ඒ ලිංගික චර් යාවන්ට යොමු නොවී නොඉන්නා කොටසකුත් සිටිනවා. එයින් ගම්‍ය වන්නේ අපට කිසියම් පුද්ගලයෙක් ස්වරූපරාගයයෙක් පමනයි කියා හංවඩු ගසන්නට නොහැකි බවයි.

Autosexuality පිළිබඳව කතාකලොත් එය ආකාර කිහිපයකින් දකින්නට පුළුවන්. මෙහිදී මම ලිංගික හැසිරීම යන වචනය භාවිතා කලද සමහර තැන් වලදී එය ක්‍රියාකාරකම් වල යෙදීමටම අදාල වන්නේ නෑ. එවැනි සිතුවිලි දැරීමත් එයට අයත් වෙනවා.

*තමා සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන අතරම අන් අය සමගත් ලිංගිකව හැසිරීම. මෙය සමාජයේ බහුලතම ලිංගික හැසිරීමද වෙනවා.

*අනුන් ගැන මනසින් මවාගෙන තමා සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම. මෙය ස්වයන්වින්දනය යනුවෙන් හැඳින්වෙනවා.

*තමා ගැනම රාගයක් ඇතිවී තමා පිළිබඳවම සිතාගෙන හෝ ස්පර්ශය මගින් තමා සමගම ලිංගිකව හැසිරීම.

*යම්කිසි වස්තුවක් පිළිබඳව සිතමින් හෝ නෙත් යොමුකරමින් තමා සමගම ලිංගිකව හැසිරීම. උදාහරණ ලෙසට sex toy එකක්, සැමරුම් පලකයක්, ගසක්, සොබාදහම, සංගීතය, යම් ජයාරූපයක්, ගෘහනිර්මාණයක්....

*යම්කිසි වස්තුවක් සමග නොව හුදෙක් සිතුවිලි හරහා යමින් වින්දනයක් ලබමින් තමා සමගම ලිංගිකව හැසිරීම.

ඉතින් අයෙක් මේ ලිංගික ප්‍රභේදයට උපතෙන්ම වැටෙන අතර සමහරු කාලයක් යනවිට ඔවුන්ගේ ආශාවන් සහ අත්දැකීම් නිසාවෙන් මේ ගොඩට වැටෙති. අප රටේ සංස්කෘතික පිළිගැනීම් වලට සහ වෙනත් හේතූන්ට අනුව මෙය බොහෝදෙනා අනුමත නොකරන දෙයකි. සත්‍ය වශයෙන්ම මෙය බැහැරකලයුතු දෙයක්ද? මෙවැනි ලිංගික තත්වයන් ඇති පුද්ගලයන් එයින් ගලවාගත යුතුද?

අපි බලමු මේ ලිංගික තත්වයන් නිසා පුද්ගලයෙක් පහසුවෙන් ලබන දේවල් මොනවාද කියල. සතුට, තෘප්තිය ඔවුන් නිතැතින්ම ලබනවා. මෙය ලබාගන්නට ඉතා පහසුයි. සිත මුල්කරගෙන බොහෝ දේවල් සිදුකල හැකියි. තමාට උවමනා ඕනෑම ආකාරයකින් සතුටු විය හැකියි. අසීමාන්තික්ව සෑහෙන පුළුල් පරාසයක ලිංගික අත්දැකීම් විඳගත හැකියි. තමා පිළිබඳව ආත්ම විශ්වාසයක් ගොඩනගා ගැනීමට පුළුවන් මොකද තමා තමාටම ගොඩක් ආදරය කරන නිසාවෙන්.
ලිංගික ස්වාධීනත්වයක් තිබෙනවා. තමාටම ස්වයං පාලනයක් සිදුකරගන්නට පුළුවන්. තමා කැමති දේ අකමැති දේ දන්නා නිසා ලිංගික ක්‍රියාකාරකම් පහසුයි. ඒ වගේම සතුටු වන තැන් රිදවන තැන් තමාම දන්නා නිසා අවශ්‍ය තැනදි එය නතර කරන්නට හැකියාව පවතිනවා.
ලිංගික ක්‍රියාකාරකම් නිසා ඇතිවන මානසික ආතතිය අවමයි. අවශ්‍ය වෙලාවට වේගයෙන්, සෙමෙන්, නැත්නම් නතර කරමින් තමාට කැමති ආකාරයෙන් සිදුකල හැකියි. ඒ වගේම ලිංගික ක්‍රියාකාරකම් වලින් සිදුවන අනතුරු අවමයි.

මේ ලිංගික තත්වය නිසා පුද්ගලයෙකුට සිදුවියහැකි විනාශය ගැන සලකා බලමු.
මෙහිදී බොහෝවිට තනිවීමක් සිදුවන නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම පහසුවෙන් සිදුවිය හැකියි. කණ්ඩායමක් සමග සිටිනාවිට ගන්නා මත්ද්‍රව්‍ය වලට වඩා හානිදායක මත්කුඩු සහ මත් බෙහෙත් ආදියට ඇබ්බැහිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.
කාලය සහ තම ශක්තිය අපතේ යෑමක් මෙමගින් සිදුවෙනවා. තමාට අවශ්‍ය තෘප්තිය පහසුවෙන් ලබාගැනීමට හැකිවීම නිසාවෙන් නිතර නිතර එය ලබාගැනීමට යාමෙන් කාලය වගේම ශක්තිය අපතේ යෑම වලක්වන්න අපහසුයි.
විශමලිංගික, සමලිංගික ආදී ක්‍රියාකාරකම් හා සාපේක්ෂව වැඩි කාලයක් ලිංගික ක්‍රියාකාරකම් වල දීර්ඝ කාලීනව නිරතවීම නිසා හිසරුදාව ආදී රෝගී තත්වයන්ට ලක්වන්නට පිලිවන්.
ඇබ්බැහිවීම නිසා මෙය නැතුවම බැරි තත්වයකට පත්වීමේදී තමාට තනිවන්නට ඉඩ නොලැබුනහොත් නැතිනම් තමා සිටිනා පරිසරය වටපිටාව ඒ සඳහා සුදුසු නොවුනහොත් විශාල කරදරයකට මුහුන පාන්නට සිදුවෙනවා. මෙහිදී විශාල මානසික ආතතියකට පත්වීමට ඇති ඉඩකඩ වැඩියි.
එමෙන්ම රෝගී තත්වයට පත්වී සිටියදීත් තමාට ලිංගික ආශාවන් ඇතිවීම නිසා එය සිදුකරන්නට යෑමෙන් රෝගී තත්වයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. තමාගේ ශරීරය ලිංගික ක්‍රියාකාරකම් සඳහා සූදානම් නැති වෙන්නට පුළුවන්.

තනිවීම් නිසා සමාජයෙන් කෙමෙන් ඈත්වීමද සිදුවෙයි. මෙනිසා හදිසි අවස්තාවකදී තමාගේ පිහිටට කිසිවෙක් නැතිවෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තනිව සිටිනා නිසා හෝ තමාගේ මේ ලිංගික ක්‍රියාකාරකම් සමාජය දැනගැනීම මගින් සමාජයෙන් කොන්වීමට වුනත් හැකියාවක් පවතිනවා. ඒ වගේම සමාජයේ උසුලු විසුලු වලට ලක්වෙන්නට පුළුවන්. එමගින් ඇතිවන මානසික තත්වයන් ගැන අමුතුවෙන් කියන්නට උවමනා නොවේයැයි සිතමි.
මෙවැනි ලිංගික තත්වයන් නිසා සිතීමේ වේගය අඩුවෙන බව සොයාගෙන ඇත. එමගින් මොළයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවීම වැලැක්විය නොහැක.
ඇත්තෙන්ම සතුටක් වෙනුවෙන් ජීවිතය කෙටිකර ගැනීමට උවමනා නැත. ලෝකයේ ජීවත්වීම තනිවම සිදුකිරීම අපහසුය. මිනිසාට තවත් මිනිසෙකුගේ ආදරය, සෙනෙහස, රැකවරණය ආදී බොහෝ දේ ජීවිතය පුරාවටම අවශ්‍ය වනවා ඇත.

ඔබ ෆේස් ඇප් හරහා ඔබේ විරුද්ධ ලිංගික ජායාරූපය ෆේස් බුක් අප්ලෝඩ් කල පමනින්ම ඔබ ස්වරූපරාගය ඇති තැනැත්තකු බව කියනු නොවටී.

ආශාවන් ඇතිවීම ස්වභාවිකය. නමුත් එයින් ලැබෙන වින්දනය තාවකාලිකය. විඳවීම සදාකාලිකය. එය මේ ලිංගික ප්‍රභේදයට පමනක් සීමාවූවක් නම් නොවේ.

\මිෂ්කා/

No comments:

Post a Comment