Tuesday, April 24, 2018

අතීතය නැවත (නො) ලියවෙයි....

'ස්ට්‍රයිකර්ස්ලට චාන්සස් කීයක් ආවද..එකක්වත් හරියට ගහගන්න බැරිවුනා නේ'. ක්ලිෆර්ඩ් කීවේ කලකිරීමට පත්වයි.
Image may contain: 1 person, playing a sport and outdoor

'අරුන්ගෙ ගෝල් කීපර් ටැලන්ටඩ්. ඌව පාස් කරල බෝලේ යනව බොරු.' ටෝනි කීදේ සත්‍යයක් බව තරඟය හොඳින් නැරඹූ ඕනෑ කෙනෙක් සහතික කරනු ඇත.

කිලිෆඩ් සහ ටෝනි යනු එකම කණ්ඩායමට ක්‍රීඩා කල පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකි. නමුත් දැන් ඔවුන් ගෙවන්නේ ජීවිතේ සැඳෑ සමයයි. එහෙත් ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම උනන්දුව බිඳකිනුදු හෝ අඩුවී නොමැතිබව පෙනී යන්නේ ඔවුන් හැම තරඟයක්ම සජීවීව නරඹන්නට පැමිනෙන බැවිනි. ඔවුන් සිටි කණ්ඩායමේ දැන් සිටින තරුණ ක්‍රීඩකයන් බොහෝ දක්ෂ මෙන්ම කැපවුනු පිරිසක් බවට පත් කිරීමට කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම ක්ලිෆර්ඩ් සහ ටෝනිගේ මගපෙන්වීම බෙහෙවින් රුකුලක් විය. තම කණ්ඩායම ඉහලම තලයට ගෙනඒම ඔවුන්ගේ එකම ඉලක්කයයි.

පාපන්දු ඔවුන්ගේ ජීවිත සමග කොතරම් බැඳී තිබේද යත් ගෙදරදි, මගතොටදී, බීර හලේදී මෙන්ම හමුවන හැම තැනකදීම ප්‍රධාන මාතෘකාව බවට පත්වන්නේය.

තරඟය අවසාන වූයේ තම කණ්ඩායමට ජය ගෙනඑමිනි. මෙහි ප්‍රතිඵලය වූයේ තම කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලැබීමයි. ප්‍රීතියෙන් උද්දාමයට පත්වූ ඔවූහු එය සමරන්නට බීර හලට යන්නට වූවෝය. බීර හලේදි ඔවුනට විශේෂිත පුද්ගලයෙක් හමුවුනි. ඒ අවසන් තරඟයට ඔවුන් හා මුහුන දීමට සිටින සමර්සෙට් කණ්ඩායමේ පුහුණුකරු ජේසන් මැට්ලර් ය. ජේසන්ද එකල ක්ලිෆර්ඩ් ලා සමග ප්‍රතිවාදීව සමර්සෙට් පිලට කිරීඩා කල සුපිරි තරුවකි. මොවුන් තිදෙනා අවසන්වරට ක්‍රීඩා කල තරඟයේදී සමර්සෙට් පිල ජයගත්තේ ගෝල 4-3 ක් ලෙසටය. මෙහිදී ගෝල හතරෙන් තුනක්ම ලබාගත්තේ ජේසන් විසිනි. සසෙක්ස් පිලේ ගෝල තුනම වාර්තා කලේ 'ස්ට්‍රයිකර්' ලෙස ක්‍රීඩා කල ක්ලිෆර්ඩ් විසිනි. ක්ලිෆර්ඩ් සහ ජේසන් තරඟාවලිය පුරාවටම ගෝල වාර්තා කල අතර රත්තරන් පාවහන් දිනාගැනීමට සමත්වූයේ ජේසන් විසිනි.....

ඔවුන් ජේසනේ මේසය වෙතට යන විට ක්ලිෆර්ඩ් මේ අතීතාවර්ජනයේ යෙදී සිටියේය.
'ක්ලිෆර්ඩ්...මගේ සුභපැතුම් ..එහෙනම් අතීතය ආයේ ලියැවේවි නේද...උඹ කැමති ඒක කොහොම ලියැවෙනවටද. එදා වගේම සමර්සෙට් චැම්පියන්ස් වෙලා ගෝල්ඩන් බූට් එකත් ඒකේ එකෙක් ගන්නවට උඹ කැමතියි ද?....උඹ කැමති වුනත් අකමැති වුනත් ඒක නේද සත්‍යය ..මගේ මිත්‍රයා'...ජේසන් දිගටම කියවන්නට විය. 'උඹ දන්නවනේ ටයිලර් මගේ පුතා. මිනිහා ගොඩක් විශ්වාසයෙන් ඉන්නෙ ෆයිනල් එක ගැන. ටීම් එකේ ෆිට්නස් ස්ටැමිනා ගැන කියන්න ඕනේ නෑනේ. හැබැයි උඹලගෙ අර කෙට්ටු කොල්ලා...කවුද...මැට් ..ඔව් මැට් ..ඌ ඉන්ජර්ඩ් උනා නේද. ඌ නැතුව උඹලට ගොඩක් අමාරුවෙයි.'

සියල්ල අසා සිටි කිලිෆර්ඩ් කතා කරන්නට විය. 'මැට් හොඳින් ...මිනිහ ෆයිනල් සෙල්ලම් කරයි. අනික ස්‍ට්‍රයිකර්ස්ලා විතරක් නෙමේ මිඩ් ෆීල්ඩර්ස්ලා ඇටෑක් කරාවි. අපේ ඩිෆෙන්ඩර්ස්ලා ලේසි නෑ..ටයිලර් ට කොහොමත් ලේසි වෙන එකක් නෑ'.

'ටෝනි..මේ ක්ලිෆර්ඩ් ට මතක් කරල දෙනවකෝ මිනිහගෙ එදා මිස්ටේක් එක. ඒක නිසා නේද උඹලා පැරදුනේ. උගේ රෝන්ග් පාස් එක නිසා මම බෝලේ අරගෙන තනියම ගෙනිහිල්ලා ගෝල් එක ගැහුවේ...හා හා හා...කිලිෆර්ඩ් උඹ නිසයි එදා උඹලා පැරදුනේ...කවුද දන්නෙ මැට් ඒ මිස්ටේක් එක මේ පාර කරයිද කියල..නැත්නම් ඊටත් වඩා හොඳ මිස්ටේක් එකක්....ඒක නිසා උඹ ටීම් එකට උපදෙස් දෙන්න එපා. හ හා ..පැත්තකට වෙලා හිටපන්...' ජේසන් හඩනගා සුනාසුනේය. ක්ලිෆර්ඩ් ගේ මුනුණ අඳුරුවී තිබෙනු දුටු ටෝනි ඔහුව රැගෙන ජේසන් ගෙන් ඉවත්ව ගියේය. ජේසන් කීවේ ඇත්ත බව ක්ලිෆර්ඩ් සහ ටෝනි දෙදෙනාම දනී...මීට අවුරුදු ගනනාවකට පෙර ක්ලිෆර්ඩ් අතින්වු ඒ සුලු අත්වැරැද්ද හේතුවෙන් ජේසන්ලා ජයගත්තෝය. ක්ලිෆර්ඩ් තම ක්‍රීඩා දිවියට සමුදුන්නේ ඒ කලකිරීම නිසාවෙන්මය. පසුව සසෙක්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාරගන්නට ඇරයුම් ලැබුනත් එදාත් ජේසන් මේ ආකාරයටම ක්ලිෆර්ඩ් ව වචනයෙන් පහලටම ඇද දැමීමට සමත් වූවේය. ක්ලිෆර්ඩ් ඒ නිසා තනතුර බාරගත්තේ නැත. තමා වරදකරුවෙක්‍ ය යන හැඟීම ඔහුට නිතරම වදදෙන්නට විය. ටෝනි නිතරම ඔහුගේ සිත සෑදීමට ලඟින්ම සිටියේය. ටෝනි නොමැති නම් ක්ලිෆර්ඩ් දැනටමත් පාපන්දු තම දිවියෙන් ඉවත්කර තිබෙන්නට ඇත.

......ඒ දවස උදාවිය. සසෙක්ස් සහ සමර්සෙට් අවසන් මහා තරඟයට සියලුම කටයුතු සූදානම්ව පැවතුනි. සසෙක්ස් පිලේ බලවත් ඉල්ලීම මත ක්ලිෆර්ඩ් සහ ටෝනි ට කණ්ඩායම සමග සිටින්නට ආරාධනා ලැබුනි. ඔවුන් දෙදෙනා කණ්ඩායමේ පුහුණුකරු සමග ඔවුනට වෙන්කල පෙදෙසට වී යුහුසුළුව සිටියෝය. ජේසන් සිනාමුසු මුහුණින් ඔවුන්වෙත පැමිනෙනු පෙනුනි. 'ක්ලිෆර්ඩ් අර ගෝතයා එනව. ඌ කියන කිසිම දෙයක් කනකට ගන්න එපා' ටෝනි කීවේය. ජේසන් ඔවුන් ලඟටම ඇවිත් හඩනගා සිනාසෙමින් සැමගේම අවධානය තමා වෙත නතුකර ගත්තේය. 'හරිම පුදුමයි ...මොකද්ද මේ වෙන්නෙ ටෝනි...උඹලා අපිට නිකම්ම ගේම දෙන්නද යන්නේ. හහා හා..මගේ මිත්‍රවරුනි උඹලාට මතකද එදා ක්ලිෆර්ඩ් ගේ මිස්ටේක් එක..අද සෙල්ලම් කලේ නැතත් ක්ලිෆර්ඩ් දෙන උපදෙස් හරියයි කියල හිතනවද...පිස්සු නැතුව ගිහින් මැච් එක බලපන් මගේ යාලුවා. එතකොට හරි උඹට හොඳ තරගයක් බලන්න පුළුවන් වෙයි.' මේ ඇසූ ක්ලිෆර්ඩ් හර නැගුනු කේන්තිය සමග ඔහු ජේසන්ට පහරදීමට පැන්නේය. ටෝනි ඔහු වලකාලීය...'හේ හේ කූල් ඩවුන් මයි බෝයි...කෝ උඹේ ඩිසිප්ලින්...ඒකවත් නැති එකෙක්වද ටෝනි උඹලා එක්කන් ආවේ. රෙඩ් කාඩ්...ප්ලීස් යූ මේ ලීව් නව්...හ හා හා...' ජේසන් ගේ වදන් ක්ලිෆර්ඩ් ගේ පපුව හාරාගෙන පතුලටම යන්නාක්සේ දැනුනේය. 'ජේසන් උඹ දෙවියන්ගෙ නාමෙන් මෙතනින් පලයන්. සත්තමයි මම උඹව යවනවා ස්වර්ගෙට..ඊට කලින් මෙතැනින් පලයන්.' ටෝනි ගිගුරුවේය. 'ඕල් රයිට් ඕල් රයිට් ලෙට් මී ගෝ...ඒත් උඹලා බලපන් ටයිලර් යකෙක් වගේ සෙල්ලම් කරාවි. මැට්ගේ කකුල කුඩු කරාවි. ..හොඳට බලන් හිටපන්' ජේසන් යන්නට ගියේය.

......තරඟය ආරම්භයේ සිටම ටයිලර් ගේ දක්ෂතා කැපී පෙනුනි. මැට් එතරම් ශරීර සුවතාවටකින් ක්‍රීඩා කරනු නොපෙනුනි. නමුත් ක්ලිෆර්ඩ් ගේ එකම තුරුම්පුව මැට්‍ ය. පන්දුව තමන් සතුකරගැනීනට මැට් ටයිලර් සමග කරට කර ක්‍රීඩා කරන්නට වෙර දැරීය. ජේසන් කීවාක්මෙන් මැට් කකුල අල්ලාගෙන පිටියේ ඇද වැටුනි. 'ෆවුල් ෆවුල් ..හී හිට් අවර් ෆෙලෝ' ක්ලිෆර්ඩ් කෑ ගෑවේය. ටයිලර් හට ඒ වරද වෙනුවෙන් යෙලෝ කාඩ් පතක් හිමිවුනි. ක්ලිෆර්ඩ් එයින් තෘප්තිමත් වූයේ නැත. 'ඉට් ෂුඩ් බී අ රෙඩ් කාඩ්..නොට් අ යෙලෝ'
විනිසුරු තීරණය දී අවසන් ය. ටයිලර් ට නැවත ක්‍රීඩා කරන්නට අවස්තාව ලැබුනි. පුහුණුකරු 'රේ' ගේ තීරණය වූයේ මැට් නැවත කැඳවීමටයි. මැට් දෙසින් දිස්වූයේ හොඳ පෙනුමක් නොවේ. නමුත් මැට් තවදුරටත් ක්‍රීඩා කලයුතු බව ක්ලිෆර්ඩ් දැඩිව කියා සිටියේය. මැට්ගේ වැටීමත් සමග ප්‍රතම භාගය අවසන්වී තිබුනි. කිසිවකු ගෝල ලබා තිබුනේ නැත.

මැට් වෙත ගිය ක්ලිෆර්ඩ් ..'පුතා උඹට පුළුවන් ...උඹෙන් තමයි අපිට විනින් ගෝල් එක ඕනේ. කකුල ගැන අමතක කරපන්..උඹට පුළුවන් ...ටයිලර් ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් මාරියෝ ටයි ට්‍රෙවින් ටයි. උඹ ෆෝකස් කරපන් ගෝල් එක. උඹට පාස් එක ගානට ලැබෙයි. මේක් අස් ප්‍රවුඩ් යන්ග් බෝයි..' දැඩි අපහසුවෙන් සිටි මැට් හට ක්ලිෆර්ඩ් ගේ වචන වලින් ජවයක් ලැබුනු සැටි පෙනුනි. 'යස් සර්..අයි විල් ඩූ ඉට්' මැට් පැවසුවේය. මැට් නැවත පිටියට යැවීම ගැන පුහුණුකරු රේ මෙන්ම ටෝනිද එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මන්දයත් මැට්ගේ ශාරීරික සුවතාව හොඳ මට්ටමක නැති බව ඔවුනට හැඟීයන්නට ඇත.

....තරඟයේ දෙවන භාගය ආරම්බය සනිටුහන් කරමින් ටයිලර් පන්දුව සමග ඉදිරියට ඇදෙන්නට විය. ඉතාම ආසන්න අවස්තාවක් දක්නට ලැබුනි...දැල් රකින්නාගේ දක්ෂතාවය නොවෙන්නට ටයිලර් තරඟයේ පලමු ගෝලය වාර්තා කරන්නට ඉඩ තිබින. තව මිනිත්තු දහයක් ගෙවී ගිය කල ක්ලිෆර්ඩ් ගේ සිහින සැබෑ කරමින් මැට් විසින් ගෝලයක් වාර්තා කලේය. කිලිෆර්ඩ් ටෝනි රේ එකිනෙකා උඩ පනිමින් වැලඳගමින් සතුට ප්‍රකාශ කලෝය. ඊට පසුව ටයිලර් අවස්තාවක් කිහිපයකම ක්‍රියාත්මක වූවත් ගෝලයක් ලබාගැනීමට හැකිවූයේ නැත.

තරඟය නිම වීමට ඇත්තේ තවත් මිනිත්තු දෙකක කාලයකි. මැට් තවත් ගෝලයක් ලබා ගන්නට උපරිම උත්සාහයක සිටියේය. නමුත් මෙවර සමර්සෙට් ඩිෆෙන්ඩර්ස්ලා ඔහු වටකර ගත්තෝය. කිසිවක් කල නොහැකි තැන ඔහු බෝලය තම සගයෙකුට යොමු කලේය. එහිදී කකුල් පැටලුමක් සමග මැට් නැවත ඇද වැටුනේය. අභාග්‍යක මහත. මැට්ගේ යොමුව වැරදුනි. ටයිලර් බෝලය රැගෙන කගවේනෙකුටත් වැඩි වේගයෙන් දිව යන්නට වූවේය. කිසිවෙකුටත් ඔහු නවතනු තබා ලන්වන්නටවත් ඉඩක් නොවීය. තරඟය අවසාන මිනිත්තුවේය. කිලිෆර්ඩ් ට අතීතය සිහිවුනි. ජේසන් කී ආකාරයටම අතීතය නැවත ලියවෙන්නට සූදානම්‍ ය. ක්ලිෆර්ඩ් ගේ හදවත ගැහුනු හඬ පරයා ඔහු හති දමන්නට විය. ඔහු හුස්ම ගත්තේ අපහසුවෙනි. ජේසන් කීවා නිවැරැදිය. ටයිලර් ඉතා දක්ෂලෙස ගෝලය වාර්තා කලේය. කිලිෆර්ඩ් අනික් කෙලවරේ සිටි ජේසන් දෙස බැලුවේය. ඔහුගේ වියරු සිනහව තවත් ක්ලිෆර්ඩ් ගේ හුස්ම හිර කරන්නට සමත්විය. ...

.............ක්ලිෆර්ඩ් යන්තම් ඇස් ඇර බැලුවේය. පරිසරය වෙනස්‍ ය. ඔහු මේ සිටින්නේ රෝහල් ඇඳක බව තේරුම් යන්නට වැඩිවෙලා ගත නොවුනි. ඔහු සෙමෙන් මතකයන් එකිනෙක අමුනා ගැනීමට උත්සාහ කලේය. හෙදියක් කාමරයට පිවිසුනාය. 'මිස් ටිවී එක දාන්න..දාන්න..ඉක්මනට මැච් එක. දාන්න බලාගෙන ඉන්නේ.' ඔහු කෑගසන්නට වූවේය. 'සර් ඔබ ඉන්න තත්වය අනුව ඒක කරන්න අපහසුයි. ඔබ දැන් ටිකක් රෙස්ට් කරන්න ඕනේ..'. ක්ලිෆර්ඩ් කේන්තියෙන් නැවත කෑගසන්නට විය. හෙදියට වෙන විකල්පයක් නොවීය.

...තරඟය තවමත් පැවැත්වේ. දෙපිලම තවම ගෝල එක බැගිනි. නමුත් දැන් ගතවන්නේ දෙවන අතිරේක කාලයයි. මැට් තුවාල ලබා ඉවත්වී ඇත. ක්ලිෆර්ඩ් ඉතා අමාරුවෙන් හිත සන්සුන් කරගැනීමට වෙර දැමුවේය. සසෙක්ස් ක්‍රීඩා විලාශය එතරම් සතුටුදායක නැත. ටයිලර් අනිවාර්යයෙන්ම තව ගෝලයක් ලබාගනු ඇත. කුමක් කල යුතුද...ක්ලිෆර්ඩ් කල්පනා කලේය. ඔහුට කුඩා බ්‍රයන් මතකයට නැගුනි. ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු නොවූවත් නවකයෙකු ලෙස තමාගේ උපරිමය ලබාදෙන්නෙක් බව ක්ලිෆර්ඩ් තේරුම් ගෙන තිබුනි. 'නර්ස් නර්ස් මට කෝල් එකක් අරන් දෙන්න මම කියන නම්බර් එකට. ඉක්මන් කරන්න....ටෝනි ටෝනි මේ අහපන් බ්‍රයන්ව ඇතුලට යවපන්..ඊට කලින් මට කොල්ලට කතා කරන්න දීපන්..'. ක්ලිෆර්ඩ් ගේ තීරණය ගැන රේ කිසිසේත්ම සතුටු නොවීය. ටෝනිත් සතුටු නොවූවත් තම අතිජාත මිත්‍රයාගේ ඉල්ලීම අහක දැමීමට නොහැකිය. රේ ව බලෙන්ම කැමති කරවාගෙන බ්‍රයන් පිටියට යැවීමට සැලැස්වුනි.
'බ්‍රයන්..කොල්ලෝ'..'ඔව් සර්..කියන්න'
'මම උඹේ දක්ෂතා දැකලා තියෙනවා. උඹව කලින් ටීම් එකට ගත්තෙ නැත්තෙ උඹට තව එස්පෝශර් එක දෙන්න. මේන් තින්ග් ඊස් යූ හෑව් ටු අන්ඩර්ස්ටෑන්ඩ් ද සිටුඒශන්. උඹ ඒකට කියාපු එකා. මම උඹ ගැන හොදට දන්නවා. ගෝ ..ගෝ ඇන්ඩ් ප්ලේ..' 'සර් වට් අයි හැව් ටු ඩූ. ඇට් ලීස්ට් ටෙල් මී සම්තින්ග්' බ්‍රයන් පැවසුවේය. 'පුතා උඹ දන්නවා කරන්න ඕන දේ...දෙවියන් උඹට කියාවී...උඹේම මනැස උඹට කියාවී. උඹ නිසැකවම ඒක කරාවී. මට උඹව විශ්වාසයි. පලයන් ...ඒක කරපන්'....
බ්‍රයන් ට කිලිෆර්ඩ් ගේ වචන අමෘතයක් බඳුවිය. ඇත්තෙන්ම ඔහු සෑහෙන හොදට සෙල්ලම් කලේය. ක්ලිෆර්ඩ් ඉතා උනන්දුවෙන් බලා සිටියේය. ඔහු බ්‍රයන් කෙරේ දැඩි විශ්වාසය තැබීය. අවසාන මිනිත්තු දහය එලැඹුනි. බ්‍රයන්ට ලැබුන යොමුව සාර්තකය. ඔහු වේගයෙන් ගෝලය දෙසට බෝලය රැගෙන ගියේ ප්‍රතිවාදීන් මවිත කරවමිනි. ගෝලය ආසන්නයටම ඔහු පැමිණ ඇත. දැල් රකින්නා ඔහු දෙසට කෑ ගසාගෙන දුව ආවේය. එය මායිම් නොකල බ්‍රයන් වැරෙන් පහර එල්ල කලේය. ඔහුට සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකිව ඇද වැටුනි. පන්දුව දැල් රකින්නාගේ අතේ ඇඟිලිවල වැදී ඉවතට ගියේය. බ්‍රයන් නැගිටින සේයාවක් නැත.

ක්ලිෆර්ඩ් ගේ දෑස් නිලංකාර වී ඇති බවක් දැනුනේය. හුස්ම නොවැටෙන තරම්‍ ය. දොස්තර සහ නර්ස්ලා ඔහු වටකරගෙන කලබලයෙන් කුමක්දෝ කරනු පෙනුනි.
...........තිරය මත උඩ පහල ගිය රේඛා සුමට වනු පෙනුනි...........

මල් කලඹක් ඔහු ඉදිරියේ දිස්විය. කලු ඇඳගත් පිරිසක් අඬමින් ඔහු අසල රැඳී සිටී. ඔහු මේ සිටින්නේ කොහිද....ක්ලිෆර්ඩ් සිහි එලවා ගැනීමට තැත් කලේය. ඔහු සෙමෙන් හිස ඔසවා බැලුවේය. තණ පිට්ටනියක මැද කලු පාට පෙට්ටියක් තුල ඔහු සිටිනා අයුරු පෙනුනි. ඔහු කෑ ගසා හඬන්නට තැත් කලත් වචන පිටවූයේ නැත. දෑසම වසාගෙන හැකි වෙර යොදා කෑ ගැසුවේය.

'සර්...සර්...ඔයාට සිහිය ආවා නේද. ඔයාට ඇහෙන්වද. මම ඒක කලා...ඔව් සර් ඔයා කියපු විදියටම මම ඒක කලා. අන්තිම විනාඩි පහේදී මම ගෝල් දෙකක් ගැහුවා'.
තණ පිට්ටනියේ සේයාව කෙමෙන් මැකී ගොස් රෝහල් කාමරයක් දිස්වුනි. ටෝනි රේ බ්‍රයන් ඇතුලු සියලුදෙනාම ඔහුගේ ඇඳ වටකරගෙන සිටිති. අසල පැත්තකින් රෝද පුටුවක මැට් ද සිටිනු පෙනුනි. මැට් සමග සිනාසුනු ඔහු බ්‍රයන් දෙසට හැරුනි. දෑස් වලින් කඳුලු කැට කඩා හැලෙන්නට වුවත් මුවග සිනහව ඉවත් නොවීය. ක්ලිෆර්ඩ් ටෝනි දෙසට හැරුනේය.
'ටෝනි...ජේසන් ට කියපන් අතීතය වෙනස් විදියකට ලියැවුනා කියල..නෑ මම ඒක අලුතෙන් ලිව්වා කියපන්'

\මිෂ්කා/

No comments:

Post a Comment