...............................
වසර හතරකට පෙර....
සුදු පෙණ කැටි ඇතිකරමින් කලු ගල්වලට වැදෙන ජල පහරක් දැකගත නොහැකි වූවත් තරමක අපිරිසිදු ගතියකින් යුක්තවූ ඒ ජල පහර පාසල් කාලයේ අප සිත් ඇදගත්තා මෙන්ම පාසැල හැරගිය පසුවද අප එතැනට ගෙන්වා ගැනීමට සමත්විය. මසකට අඩුම තරමේ දෙවතාවක්වත් එහි යෑම මගහැරුනේ නැත. එහි යන හැම වතාවකම අප විවේක ගන්නේ 'මියුරියෙල්' ඇන්ටිගේ කබානාවේ බව අප හුරුපුරුදු සැවොම දනිති.

රගර් බෝලයක් අතැතිව ටැප් රගර් ගසනා සික්ස් පැක් ඇති එවුන් අතර අපි ටෙනිස් බෝලයක් රැගෙන සම්බෝල කඩන්නට හෝ බෝල පාස් කරන්නට යොමුවීම අපට මහා ලොකු දෙයක් නොවුනත් එයින් ලැබූ වින්දනය දන්නේ අප පමනය. මේ සියල්ල වෙනස් කලේ 'ජප්පා' විසින් surfboard එකක් රැගෙන ඒමත් සමගය. එය අපට මහා ලොකු දෙයක් බව නොපිලිගත්තෝ නොවෙති. එහි සිටගෙන surf කිරීම කෙසේ වෙතත් එහි දිගාවී මුහුදු රළ අතරින් යෑම අමුතුම ආශ්වාදයක් ගෙන දුන්නේය. අවුරුදු කාලයට ගමේ හෝ නිවසේ හෝ බඳින ඔන්චිල්ලාවට රණ්ඩු වූයේ කෙසේද ඒ අයුරින්ම අපි surfboard එක සඳහා රණ්ඩු වූයෙමු. මුහුදට බියක් දැක්වූ 'කසුන්' පවා ඒ පොර කෑම් වලට එක්වූ බව සිහියට නැගෙද්දී දෑස කඳුලින් තෙමීයන්නේ නොදැනීමය. ඔහු අපට අහිමි කලේද මේ මහා සාගරයම නොවෙද? ඒ ගැන කතා කිරීමට ශක්තියක් නැත. ඔහුගේ වියෝවෙන් පසුවද අපි සාගරය හා සම්බන්දය නොනැවැත්වුවේ එයට තිබුන බය නිසාද නැතිනම් කුමක් නිසාද යන්න නිසැකවම කිව නොහී.
කසුන් යන්නම ගොසිනි. තවත් දෙදෙනෙක් ලංකාවේ නැත. එකෙක් ලංකාවේ සිටියද ඌ සිටින්නේ අනුරාධපුරයෙනුත් එහා වන්නි ප්‍රදේශයකය. තවත් එකෙක් බොරලැස්ගමුව අවට සිටියද ඌව සම්බන්ද කර ගැනීමට වඩා ගිම්හානයේ හිම මිනිසෙක් සෑදීම පහසුය. මේ නිසාවෙන් අප හමුවීම් වලට ඉතිරිව සිටියේ මාත් තව දෙදෙනෙකුත් පමණකි. තව වැඩ කිහිපයක් කර ගැනීමට තිබුන නිසාවෙන් මා කෙලින්ම ගල්කිස්ස වෙරළ තීරයට පැමිනෙන බව යහලුවන් දෙදෙනාට පවසා ඒ වැඩ සඳහා පිටත් වුනෙමි.
මේ කාලය මට මෙන්ම මගේ බිරිඳට සතුට ඉහවහා ගිය කාලයක් ලෙස හැඳින්විය හැකිය. ඇය සිටියේ කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා දින ගනිමිනි. ඇය සමග ගතකළ යුතු කාලය වැඩිවූ අතර ඉඩක් ලැබුන සැනින් යහලුවන් සමග ගල්කිස්සේ යෑම මා ප්‍රිය කලෙමි. කලින් අවස්ථාවල නම් මේ ගමන් ගැන බිරිඳ දැනුවත් වුනත් මේ අවස්ථාවේදී ඇයට බොරුවක් පවසා ගියේ එසේ තනිවම විනෝද වීම යුක්ති සහගත නොවේයැයි මා පිළිගත් නිසාවෙනි.
සිතුවාට වඩා ඉක්මනින් වැඩ සියල්ල අවසන් කරගත් මම යහළුවන්ට ඇමතුමක් නොදමාම ගල්කිස්ස වෙරළ තීරය වෙත යන්නට පිටත් වුනෙමි. ගමන සඳහා වැඩි වේලාවක් ගත නොවූයේ කොළඹින් ඉවතට වාහන තදබදයක් නොපැවතුන හෙයිනි. ගල්කිස්ස උසාවිය අසලින් බස් රථයෙන් බැසගත් මම පාර මාරුවී වෙරළ දෙසට පිහිටි පටු පාර දිගේ ඇවිද ගියෙමි. වෙරළ අසලට යන්නට විනාඩි දෙකක් තුනක් ගතවන්නට ඇත. අප හමුවන ස්ථානයේ ඔවුන් නොසිටි නිසාවෙන් මම ඇමතුමක් ලබාගතිමි.
'මචන් මම ඇවිල්ලා ඉන්නේ..උඹලා කොහේද'
'අඩෝ උඹ කලින් ආවද..විනාඩි පහක් දීපන් අපි එන ගමන් ඉන්නෙ. වෙලා වැඩි නිසා අපි රේල් පාර දිගේ හිමීට ඇවිදගෙන එන්න හැදුවෙ'
'ඉක්මනට වරෙල්ලා බන්..මට බඩගිනිත් එක්ක. බඩු ටික උඹලා ගේනවනේ..'
'හරි යකෝ ..හිටපන්..කම්මැලි නම් සුද්දියෙක්ගේ ගලක් දිහා බල බල හිටපන්'
සංවාදය තවදුරත් ගෙන ගියද ඒවා මෙහි සඳහන් කරනු නොකැමෙත්තෙමි.
උන් දෙදෙනා රේල් පාර දිගේ එනවා කී නිසාවෙන් මා රේල්පාර දෙසට පැමිනියේ මුහුද දෙස බලා හිඳීමට ඇති නොකැමැත්ත නිසා නොවේ. සමහරවිට බඩගින්න නිසා වන්නට පුලුවන. වෙනදා රේල පාරේ හිඳගෙන ඔලුවේ තඩි නැත්නම් උකුණන් බලවා ගන්නා දැරිවියන් සිටියේ නැත. රේල්පාරේ වාඩිවී සිටිනා කැහැටු මිනෙසෙකු හැරෙන්නට රේල් පාර පාලුය. මම අනික් පසට හැරුනෙමි.
අනික්පස දර්ශනයට හාත්පසින්ම වෙනස් එකක් නිසා මා එදෙසම බලා සිටියෙමි. අපේ ආච්චිලා සීයලා කියන වචන වලින්නම් 'සීදේවී' ගෑණු ළමයෙකි. ඇය සිටින්නේ තනිවමය. නිල්පාට ඩෙනිමක් සහ රෝසපාට බ්ලවුස් එකක් ඇඳ සිටි ඈ ඇත්තටම ලස්සනය. තරමක මහත..නැත්නම් පොඩි චබ්බ ගතිය නිසා ඈ පිරිපුන් එකියක් යැයි කීමට සිත්දේ...සුදු හමට ඇලුනු රෝසපාට බ්ලවුසය ගෙනදුන්නේ 'Wow she is damn hot' යනුවෙන් මුහුදු සුළඟට මුසුවුන සුසුමකි.
මේ සිරිය විඳින්නට ගතවුනේ විනාඩියකටත් අඩු කාලයකි. ඇය බලා සිටින්නේ මා දෙසය, නැතිනම් මා පිටුපස මට වඩා කඩවසම් තවකෙකු සිටී.
'තෝ වගේ පිස්සෙක්..' මටම කියාගත් මා කොයිකටත් කියා පිටුපස බැලුවෙමි. කිසිවකු නැත. සුළඟටත් නොදැනෙන සුසුමක් හෙලූ මා නැවත ඈ දෙස බැලීමි. ඇගේ මුහුණේ සිනහවක් නොතිබුනද දුකක් තිබුනා කියාද මතකයක් නැත. ඒ මුහුණ ඇත්තටම අමුතුය. ඈ පියවරක් ඉදිරියට නැතිනම් මා දෙසට පියවරක් තැබුවාය. කොතරම් කෙල්ලන් ආශ්‍රය කර තිබුනද ඒ මොහොත කකුලේ මහපට ඇඟිල්ල පොළොව දෙසට නැවෙමින් බිම හෑරීමට පටන් ගති. ඇයගේ අත්වල කිසිවක් නොමැත. අඩුම තරමේ උරහිසේ Handbag එකක්වත් එල්ලාගෙන නැත. පියවර වෙනස් කළ ඈ රේල්පාර මැදට පැමිණියාය. කිසිවක් සිතාගත නොහැකි මම ඈ දෙසම බලාසිටියෙමි. පසුපසින් දුම්රියක හඬ ඇසේ. වහා දුම්රිය එන දෙස බැලූ මම නැවත ඈ දෙස බැලුවෙමි.

ඇය පෙර ලෙසම රේල්පාර මැද සිටගෙන සිටී. දුම්රියේ ශබ්දය එන්න එන්නම වැඩිය. මා කෑ ගසීමට උත්සාහ
කලත් එය ව්‍යර්ථ වූවේය. ඇය රේල්පාරෙන් ඉවත්වන අයුරක් පෙනෙන්නට නැත. ඇගේ මුහුණ කිසිම වෙනසක් නොපෙන්වයි. මට කලිනුත් තේරුම් ගැනීමට නොහැකිවූ ඇගේ මුහුණ එලෙසමය. මා කිසිවක් සිතුවේ නැති බව මට හොඳාකාරවම මතකය. අප දෙදෙනා අතර තිබුනේ අඩි දහයක පමණ පරතරයකි. මා හැකි වෙර යොදා ඈ අසලට දිව්වෙමි. ඇයව දෑතින් බදාගත් මා ඈ තල්ලු කරගෙනම නමුත් ඇය දැඩි ලෙස ග්‍රහණය කරගෙනම රේල්පාරෙන් ඉවතට පැන්නෙමි. එසැනින් දුම්රිය අප පසුකර ගියබව දුටුවෙමි. ලඟම පිහිටි අවන්හලක සිටි මිනිසෙකුගේ කෑ ගැසීම නිසා සුලු මොහොතකදී සෑහෙන පිරිසක් අප දෙදෙනා වටකර ගත්තෝය. මම ඇයව වත්තම් කරගෙන නැගිට්ටෙමි. අසල සිටි පිරිස මොනවදෝ කියමින් කෑ ගසති. මම ඇයගේ මුහුණ දෙස බැලුවෙමි. දෑස්වල, කම්මුල් වල කඳුලු තිබුනේ නැත.
'යකෝ අපි දැක්කා ඈතදී සීන් එක. මොකද්ද යකෝ උනේ' මගේ යහලුවන් දෙදෙනාද පැමිණ ඇත. රැස්ව සිටි පිරිස තවමත් කෑ කෝ ගසති. සමහරු මගේ කරෙන් අල්ලාගෙනය. කොල්ලන් පිරිසක් ඇයව මගෙන් වෙන්කොට ප්‍රශ්න කිරීමක යෙදී සිටී. ඇය නිහඬය. කරේ තිබූ අත් ගසාදැමූ මා ඉක්මනින් ඇය වෙත ගියෙමි. ඈ මා වෙතට පැමිනියාය.
'I cant undestand what they are saying' ඇය පැවසුවාය. දැන් නම් ඇයගේ මුහුණේ යම් තැති ගැනීමක සළකුණු ඇත.
'Ok dont worry. You are not Srilankan?'
'No. Im from Maldives'
'මචන් මේකි මොල්ඩිවුස්. සිංහල තේරෙන්නෙ නෑ. අපි මේකිව ගෙදර ගිහිල්ලා බස්සමු. නැත්නම් තව මොනව කරගනීද දන්නෑ' මම යහලුවන්ට කීවෙමි.
අසල සිටි කොල්ලන්ට සහ අනෙකුත් අයට මම කරුණු පැහැදිලි කර දුන්නෙමි. ඒ පොඩි වෙලාවට උන් වෙනමම කතාවක් හදාගෙන තිබුනි. මම සහ මේ මාලදිවයින් කෙල්ල අතර සම්බන්දයක් ඇති බවත් මා අතින් අනාථවීම නිසා කිසිවක් කරගත නොහැකි ඈ සියදිවි නසාගන්නට ගිය බව වෙරළ තීරයටම පැතිරවීමට ඔවුන් සමත්වී තිබුනි. උන් කිසිම බයක් සැකක් නැතිව ඒ පිළිබඳව විමසීම මා කුපිත කරවීමට සමත්විය. යහලුවන් දෙදෙනා නොමැති වන්නට එතැන එක්කෝ මා පිහි ඇණුමකට ලක්වන්නට හෝ දැඩි ලෙස පහර කන්නට ඉඩ තිබින.
මේ අතර පොලිස් බයික් දෙකක් පැමිණ අප අසලම නැවැත්වීය. ඒ නිසාවෙන් රැස්ව සිටි පිරිස මදක් පිටුපසට වූවෝය. '119 එකට කෝල් එකක් ආවා suicide attempt එකක් කියල. කවුද suicide කරගන්න හැදුවේ. ඔයාද? පොලිස් මහතෙකු ඇය දෙසට හැරී ප්‍රශ්න කළේය.
'සර්..එයා ලංකාවෙ නෙමෙයි. මෝල්ඩියුස්..සිංහල බෑ' මම පැවසුවෙමි.
'ඔයාගේ මෙයත් එක්ක තියෙන සම්බන්දෙ මොකද්ද?'
'ම..මගේ..එහෙම සම්බන්දයක් නෑ. මම තමයි මෙයාව බේරගත්තේ'
'ඇත්ත කියනවා. මේකේ බරපතලකම දන්නේ නැද්ද. හිරේ යන්න වෙන වැඩක්. බොරු නොකිය කරුණාකරල අපිට ඇත්ත කියනවා'
'ඇත්ත තමයි කියන්නේ සර්'
'මේක ඇහින් දැක්ක කවුද ඉන්නෙ'
නොසන්සුන් වූ පිරිස ගේ හඬ නිසා ඉන්පසු කියූදේ පැහැදිලිව ඇසුනේ නැත.
ඉදිරියට පැමිණි වයස හතලිහක පමණ පුද්ගලයෙකු කතා කරන්නට විය.
'රාලහාමි..මම මේක දැක්කා. මේ ගැණු ළමයා ගොඩක් වෙලා ඉඳලා රේල්පාරෙ හිටියෙ'
'එතකොට තමා කොහෙද හිටියෙ. මොනව කරමින්ද හිටියෙ'
'මම අර රෙස්ටුරන්ට් එකේ උඩ තට්ටුවේ එලවලු කප කප හිටියෙ'
'හ්ම්ම්..ඉතින් ..ඊට පස්සෙ'
'මම හිතුවෙ කෙල්ල, කොල්ල එනකම් ඉන්නව කියල. එතකොට මේ මල්ලි බීච් එක පැත්තේ ඉඳලා ආවා'
'ඉතින්..' පොලිස් නිලධාරියාගේ හඬ උස්විය.
'මේ මල්ලිත් කෙල්ල දිහා බලන් හිටියා'
'දෙන්නා කතාබහ කලාද'
'නෑ රාලහාමි. මුකුත් කතාකලේ නෑ. පස්සෙ කෙල්ල රේල් පීල්ල මැදට ආවා. ටිකකින් කෝච්චියක් එන සද්දෙ ඇහුනා. මම කෑගැහුවා. කෝච්චියේ සද්දෙට ඇහුනේ නැතුව ඇති. දෙන්නගෙන් කවුරුවත් මගේ දිහා බැලුවේ නෑ'
'ඉතින්..'
'පස්සෙ..පස්සෙ..ඒක දකිනකොටත් මගේ ඇඟ හීතල වෙලා ගියා රාලහාමි. මේ මල්ලි කෙල්ල දිහාවට දුවගෙන ගිහිල්ලා කෙල්ලත් එක්කම රේල් පාරෙන් එලියට පැන්නා. දශමයයි තිබ්බෙ. මම හිතුනේ දෙන්නම ඉවරයි කියල. මම කෑ ගහගෙන පල්ලෙහාට දුවගෙන ආවා'
'තමා මොනවද දැක්කෙ'
'මේ දෙන්නා රේල් පාරෙ එහාපැත්තෙ වැටිලා ඉන්නව. මම කෑගහගෙන ලඟට දිව්වා. මම හිතුවෙම මැරිලා කියලා. මොකද දෙන්නා හෙලවුනේවත් නෑ'
තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් දෙදෙනා මාගෙන් තව ප්‍රශ්න වැලක්ම ඇසුවෝය. පසුව මගේ යහලුවන්ගෙන්, අවට සිටි එකෙක් දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කළ ඔවුහු මාගේ ආධාරයෙන් මාලදිවයින් කෙල්ලගෙන් ප්‍රශ්න කිරීම ඇරඹීය. ඇය දැඩි ලෙස නොසන්සුන් වී සිටි අතර ඔවුන් අසන ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දීමෙන් වැලකී සිටියාය. ඇය සතුව අන්න්‍යතාව තහවරු කිරීමට කිසිම ලියකියවිල්ලක් හෝ පාස්පෝට් එක පවා තිබුනේ නැත. එය තම නිවසේ තිබෙන බව ඇය පැවසුවාය. එසේනම් නිවසට ගොස් භාරකාරයන්ට මේ පිළිබඳව පවසා පාස්පෝට් බාරදෙන ලෙසට ඇයට නියෝග කෙරුනි.
නමුත් ඇය තරයේ කියා සිටියේ නැවත නිවෙසට නොයන බවත්, එසේ ඇයට බලකලහොත් නැවත කොයිම හෝ වෙලාවක සියදිවි හානිකරගන්නා බවත්ය. භාරකාරයන්ට සිද්දිය සැල කිරීමද ඇය නැවත සියදිවි හානිකරගැනීමට හේතුවක් විය හැකි බව ඇය පැවසුවාය. පොලිස් නිලධාරීන්ට පවා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිත් සිතාගත නොහැකි වූවා විය යුතුය.
'මල්ලි ..ඕයි මේ අහනවා. තමුසේට තේරෙනවා නේද. අපිට කෝල් එකක් ආපු නිසයි අපි ආවෙ. 119 කෝල් එකක බරපතලකම තේරෙනව නේද? මේ කෙල්ලට තේරුම් කරන්න බෑ. මේකිව පොලිසියට අරන් යන්න පුලුවන්. ඒත් එහෙම කළොත් උඹට ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි..'
'අයියේ ..මට පොඩ්ඩක් කෙල්ලට කතා කරන්න දෙන්න. මම කොහොමහරි හිත හදන්නම්. නැත්නම් කෙල්ල ආයේ suicide කරගන්න හැදුවොත් බේරගන්න බැරිවෙයි..ප්ලීස් අයියේ..'
'යකෝ උඹ කතාකරන විදියට හිතෙන්නෙ උඹයි මේකියි අතරෙ ඇත්තටම සම්බන්දයක් තියෙනව කියලනේ..'
'නෑ අයියේ එහෙම දෙයක් නෑ..මමයි මෙයාව බේරගත්තේ. මට පොඩ්ඩක් කතාකරන්න දෙන්න..මම කැමති කරවගන්නම කෙල්ලව ගෙදර එක්කගෙන යන්න'
'හරි..ඉක්මනට කතා කරනවකො...මෙ තමුසෙලා මොනවද වටවෙලා බලන් ඉන්නෙ. යනවලා. අපි ඉතුරු ටික කරගන්නම්' ඔහු කෑ ගැසීය.
ඇය මා හා කතා කිරීම ඇරඹුවාය. ඇයට වයස අවුරුදු දහ හතරකි. පහළොස්වෙනි උපන්දිනය යෙදී ඇත්තේ හෙට දිනයටය. ඇය ලංකාවේ කොල්ලෙකු සමග ආදර සම්බන්දයක් පවත්වන අතර ඔහු මැයට පිටුපා වෙනත් කෙල්ලකු හා සිටීමේදී ඇයගේ අතටම අසුවී ඇත. ඒ පිළිබඳව ඇතිවුන කළකිරීම, තරහව මිශ්‍රවුන හැඟීම් නිසා ඇය දිවි නසාගන්නට තීරණය කර තිබුනි. මම හැකිපමන ජීවිතයේ වටිනාකම ගැන ඇයට පැහැදිලි කර දුන්නෙමි. ඇය අසා සිටියාය. කෙසේහෝ නිවෙස බලා යාමට ඇය කැමති කරවා ගත්තෙමි. නමුත් ඇය කියා සිටියේ පොලීසිය නොපැමිනිය යුතු බවයි. එයට කැමැත්ත පලකරනවා ඇරෙන්නට වෙනත් පිළියමක් නොතිබුනි. පොලීසියට කරුණු පැහැදිලි කර දුන්නද ඔවුන් ඇයගේ නිවසට පැමිනිය යුතුම බව පැවසුවෝය.
'හරි..අයියේ මම කෙල්ලව ත්‍රීවීලර් එකක දාගෙන යන්නම්. අයියල නොදැනෙන්න ෆලෝ කරන්න. නැත්නම් කෙල්ල ආයේ කලබලයක් කලොත්..'
ඇත්තටම ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා මා ගැන සිතූ නිසාවෙන් එයට කැමති වූවෝය. මා ඇය සමග ත්‍රීවීලර් රථයක ඇයගේ නිවෙස බලා පිටත් වුනෙමි. මා සමග මගේ යහලුවන් දෙදෙනාද පැමිනියෝය. ත්‍රීවීලරයේ යෑම අපහසු වුවද යහලුවන් දෙදෙනා සිටියේ එකා අනෙකාගේ ඔඩොක්කුවේය. යන අතරතුර මා ඇගෙන් දුරකතන අංකය ඉල්ලුවෙමි. එය යහපත් චේතනාවෙන් කළ ඉල්ලීමක් විය. ඇයට එය මතක නැති බවද ඇගේ දුරකථනය ඒ මොහොතේ ලඟ නැති බවද පැවසුවාය. ඒ වෙනුවට ඈ මගේ අංකය ඉල්ලා ගත්තාය. කුඩා කොල කැබැල්ලක මම මගේ අංකය සටහන් කර දුන්නෙමි.
ඉන්පසු සිදුවූ සිද්දි දාමය කීමෙන් මා ඔබ වෙහෙසට පත් නොකරමි. මහත්වූ ආයාසයකින් අනතුරුව පොලීසියෙන් කිසිම ප්‍රශ්නයක් නොවී ඇය ඇගේ නිවෙසට ඇරලවූ අතර මා ඇතුලු යහලුවන් දෙදෙනාද නැවත පැමිනියෙමු. මා කළ වැඩේ බරපතලකම පොලිස් නිලධාරීන් දෙදෙනා මෙන්ම මගේ යහලුවන් දෙදෙනා නැවත නැවත පවසන්නට වුවෝය. එම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවට වෙන නිලධාරීන් දෙදෙනෙකු මේ සිද්දියට පැමිණියානම් මා සිර ගෙයි කූරු අතර සැඟවෙන්නට ඉඩ තිබුනි.
තව දශමයක් එහාමෙහා වුනානම් ජීවිත ගනනාවක ඉරණම කෙසේ වෙනස් වන්නට තිබුනාද? මා සහ මාලදිවයින් කෙල්ල ජීවිතක්ෂයට පත්වනු ඇත. පැතිරෙන කටකතා සවන් වැකෙන මාගේ බිරිඳ කුමක් කරගනීද? ඇය සහ කුස තුල සිටින දරුවා කෙසේ මේ සඳහා වන්දි ගෙවයිද?
මගේ අම්මා තාත්තා....
මා සමග පැමිණි යහලුවන් දෙදෙනා..ඔවුන්ගේ පවුලේ අය....
මේ නිසාවෙන් මාතුල ඇතිවූ මානසික පීඩනය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැතැයි සිතමි.
..............................
මම කොල කැබැල්ල දිගහැර බැලුවෙමි.
'You gave me life. You gave me a reason to live. By the way Im wearing the smile you gave me. Thnak you sir!!!'
දිගු සුසුමක් පිටකල මා ඈ දෙස බැලුවෙමි. ඈ පුටුවෙ වාඩිවී මේසය මතට දෙ අත් තබාගෙන සිටී.
සෙමෙන් ගොස් මට තබා තිබූ අසුනේ වාඩිවුවෙමි. 'Alright...Good evening'
'Good ....evening sir..'
' So, today is the first day of the class. mmm...This will be a revision class and I hope school teachers have covered all the relevant chapters'.
'Sir...there was a chapter..they couldnt cover. But you did..' ඇය සෙමෙන් පැවසුවාය...

/තේජන අබේදීර\
No comments:
Post a Comment